Mother Love

mother's love, copy final

 

 

අබ මිටක්

දුවයි ඇය, උමතුවෙන්
අබ මිටක්, අට මිටක් නොව,
සොයමින් ගෙයින් ගෙට
මිය ගියේ නැති
කිසිම, කිසි, කිසිවෙකුත්.

“උමතුවක්, මෙය රෝගයක්
නොමල ගෙයකින් අබ මිටක්!
ළෙහෙණියක් වළිගය තෙමා
සයුර ඉසිනා, වෑයමක්”

දුවයි ඇය, උමතුවෙන්
බිඳෙන පෙන බුබුළු පසුකර
මිලින රෝස පෙති නොම දැක
අබ මිටක්, අට මිටක් නොව,
සොයමින් ගෙයින් ගෙට.

“උමතුවක්, මෙය රෝගයක්
නොමල ගෙයකින් අබ මිටක්!
සසර දුක්, ගිනි ජාලා
සුසුම් ඉස, නිවන වෑයමක්.”

දුවයි ඇය, උමතුවෙන්
නොදැන ගිළිහෙනා ඇඳි වත
නොදැක ගලනා ලේ කිරි
සොයමින් ගෙයින් ගෙට
අමරණීයව සිටි අයෙක්.

“උමතුවක්, නැගණියනි, රෝගයක්
නොමල ගෙයකින් අබ මිටක්!
දෙවි බඹුන් නොවසනා, මිහිපිට
සිටීවිද, මරු මැරූ විරුවෙක්?”

දුවයි ඇය, අසු වේගයෙන්
මියෙන හිරු, දකිමින්
හැඩ වැටෙන, සොහොන අසළින්

සිඟමින් එකම එක, අබ මිටක්.

41 thoughts on “Mother Love

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s